Roshan Fernando - Hadawannata Metharam текст песни

Текст песни Hadawannata Metharam - Roshan Fernando




හඩවන්නට මේ තරම් නෙතු රිදවාලා
මා හැරගිය දා ඉදන් සිත තනි කරලා
කවදාවත්ම මා රිදවා නෑ ඔයා
තනි කෙරුවට මේ තරම් තරහක් නෑ මා
කදුලු වලට නිදහස ලැබිලා
රිදෙන රිදෙන තරමට හඩලා
නොලැබෙන ඔබ අමතක කරලා
තාමත් නෑ මේ හිත හැදිලා
පෙරුම් පුරන මගෙ දුක දැකලා
ආයෙත් එනවා නම් ඔබ යලි එනවා නම්
හඩවන්නට මේ තරම් නෙතු රිදවාලා
මා හැරගිය දා ඉදන් සිත තනි කරලා
කවදාවත්ම මා රිදවා නෑ ඔයා
තනි කෙරුවට මේ තරම් තරහක් නෑ මා
ගනින ගනින තරු කැට නිවිලා
ඇහෙන දැනෙන රල හඩ මැකිලා
මා තනි කර ගිය දා ඉදලා
මගෙ හිත මටවත් නැති කරලා
පෙරුම් පුරන මේ හිත දැකලා
ආයෙත් එනවා නම් ඔබ යලි එනවා නම්
හඩවන්නට මේ තරම් නෙතු රිදවාලා
මා හැරගිය දා ඉදන් සිත තනි කරලා
කවදාවත්ම මා රිදවා නෑ ඔයා
තනි කෙරුවට මේ තරම් තරහක් නෑ මා




Внимание! Не стесняйтесь оставлять отзывы.