Victor Rathnayake - Sagawa Ganu Mana Obe Ruwa текст песни

Текст песни Sagawa Ganu Mana Obe Ruwa - Victor Rathnayake




සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...//
මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි.//
හිරු රැස් බිඳකුදු ඔබ රුවැ දුටු සඳ
ඉරිසියාවෙන් පිරවේ මා හද...
සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...
සොමිසඳ වත ලෙස රුසිරු නොවිනි නම්
දහසක් නෙත් ඔබ දුටුව කම් නැත.//
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...
සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...//




Внимание! Не стесняйтесь оставлять отзывы.
//}