Somathilaka Jayamaha - Oba Ese Mudu Pahasa Lyrics

Lyrics Oba Ese Mudu Pahasa - Somathilaka Jayamaha



ඔබ ඇසේ මුදු පහස මා විඳින හැම දවස
කියා ගත නොහැකි වුන මෝහනව හද රහස
සුදු කුමුදු මල් පිපුන මුවග හසරැල් අතර
පිය නගනු මැන සොඳුර හුදෙකලා මතකයට...
ඔබ මහා මුහුදක් මා දුටුවු මහ ගැඹුරු
ඔබ මහා කන්දක්ය නිසල ගොලු වත රකින
ඔබ කටුක පැනයක්ය තවම විසඳුම් නොදුටු
ඔබ එකම සිහිනයයි තුන් යමට එළි නොවූ
ඔබ ඇසේ මුදු පහස මා විඳින හැම දවස
කියා ගත නොහැකි වුන මෝහනව හද රහස
සුදුකුමුදු මල් පිපුන මුවග හසරැල් අතර
පිය නගනු මැන සොඳුර හුදෙකලා මතකයට...
ඔබ සිත ගගුලක්ය කතර දුර මග සැලුනු
ඔබ එකම කවියක්ය සවන සනසන මියුරු
පුර පසෙහි සොමි සඳෙහි නිලව ගිරි කුල මැදින්
ඔබ සුවඳ කුසුමක්ය කටු අතුල මග පිපිනු
ඔබ ඇසේ මුදු පහස මා විඳින හැම දවස
කියා ගත නොහැකි වුන මෝහනව හද රහස
සුද ුකුමුදු මල් පිපුන මුවග හසරැල් අතර
පිය නගනු මැන සොඳුර හුදෙකලා මතකයට...
ඉදිරිපත් කලේ ඩයස් කිරිආරච්චි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සෝමතිලක ජයමහ



Writer(s): Rohana Weerasinghe


Somathilaka Jayamaha - Hamuwuna Oba
Album Hamuwuna Oba
date of release
14-11-2014




Attention! Feel free to leave feedback.