Chanuka Mora feat. DiLo - Mayamkari Songtexte

Songtexte Mayamkari - Chanuka Mora , DiLo




කෝඩුකාර සිහින පාර
එළිකළ රුව ඇයමයි
කඳුළු පාර නිමකළ
හිමිකාරිය ඇයමයි
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා
INSTRUMENTAL
ඔබ දුටු වේලේ
සිහිවෙයි අතීතේ
ඔබ හා මා තනි වූ හැම මොහොතේ
ඔහු සමඟ ආලේ
වෙලුනත් අද රහසේ
උදුරන්නෑ පෙම හැඩකාරී ඔබගේ
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා මායම්කාරී
කෙල්ලේ කාසි වාසි පැත්තට ඇදුනට
පතිනියක් සේ වෙස් ගෙන ඇවිදි මගෙ දෙවොලට
පැන කුරිරු හද බොරු කඳුළු වැටුණු
මේ බොරු ආදර කතා මට කොඩිවින
ඇත්ත නැත්ත මැවු සුරලොවකි මට
තිත්ත වෙලා දැක්ක හීන නුඹ එක්ක
සොඳුරු මියදුණු සිද්දි තනිවුනෙ කාමරේක
කැපකළේ වෙලාවක් දැවෙයි හද තුළම
යන්තර මන්තර වලින් හෙබි සඟවා කඳුළු
ඇය හින්දා මගෙ හදවත වෙලා දැන් පළුදු
මම හීන මැව්ව ආදරේ තවත් දුන්නෙ නෑ කවුරුත්
අද දුන්නෙ නෑ කවුරුත් අද හීන අඳුරු
INSTRUMENTAL
නෙතු ගැටුන යාමේ
මා පිදුව ප්රේමේ
අද හීනයක් සේ නිම වෙන්නේ
දේදුන්න වාගේ
තිබුනත් මදහාසේ
අගයක් නම් නෑ දඟකාරී ඔබගේ
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා
මල් මල් රුව විදහා
සිත්තම් පොදි බැඳලා
අතහැර අද පියඹා යනවා
සිල්වත් බව විදහා
සන්සුන් පා පියමා
ඉගිලී යනවා මායම්කාරී



Autor(en): Chanuka Moragoda


Chanuka Mora feat. DiLo - Kalu Sudu
Album Kalu Sudu
Veröffentlichungsdatum
09-01-2021



Attention! Feel free to leave feedback.