Chanuka Mora - Avurudu Nawata Songtexte

Songtexte Avurudu Nawata - Chanuka Mora




සුකුමල ලාලිත සුමුදු වතක හැඩ
ලැසි ගමනින් පෙනෙනා
සුන්දර නෙත් යුග දිගු වරලස හැඩ
යායම එලි කරනා
පිපි සමන් කුසුමන් පටින්
තන රන් හසුන් මන් මෙන් බැඳේ
ලඹ සවන් දිගු රන් පසින්
දන නෙත් නුවන් බඳිමින් තදේ
පා පියුම් බිඟු රොන් සලා
බන්ඳිලි රුවන් නූපුර ගොසේ
පාදගම් රා නාද නූ
පුදගත් නැටුම් සුරඟන රුසේ
කෝකිල නාදය මී අඹ වාරය
හෙමිහිට පැමිණෙනවා
අවුරුදු නාවට ඔබෙ සිනහව මට
අවුරුදු සිරි දෙනවා
මන නන්දන රුව
මිලකට සම නොම වේ
සිත බන්ඳන නුඹ
ගනු මැන මගෙ සෙනෙහේ
මන නන්දන රුව
මිලකට සම නොම වේ
සිත බන්ඳන නුඹ
ගනු මැන මගෙ සෙනෙහේ
පිපි සමන් කුසුමන් පටින්
තන රන් හසුන් මන් මෙන් බැඳේ
ලඹ සවන් දිගු රන් පසින්
දන නෙත් නුවන් බඳිමින් තදේ
පා පියුම් බිඟු රොන් සලා
බන්ඳිලි රුවන් නූපුර ගොසේ
පාදගම් රා නාද නූ
පුදගත් නැටුම් සුරඟන රුසේ



Autor(en): Chanuka Moragoda



Attention! Feel free to leave feedback.