Keerthi Pasquel - Kandula Songtexte

Songtexte Kandula - Keerthi Pasquel




කඳුල ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
කඳුල ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
කළු වලාව නැඟෙන්න එපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හඳ පායා
සඳ රැස් යහනට වඩින්න
සඳ එලියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න
කඳුල ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවී පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතු වෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවදක්
ගෙපැල දොරෙන් හමා එන්න
ඉඩ දීයන් වලා කුලේ
මගේ හීනයේ මල් පිපෙන්න
කඳුල ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
කඳුල ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
මගේ ගෙපැලට ඇය එනවා



Autor(en): Lakmali Kariyawasam, Suresh De Silva



Attention! Feel free to leave feedback.