Samitha Mudunkotuwa feat. Athula adikari - Rosa Puraneta Songtexte

Songtexte Rosa Puraneta - Athula Adikari , Samitha Mudunkotuwa




රෝස පුරානෙට මදු සඳ පායන
දිනය අදයි මට සිතුනා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්
මල්සර සිතුවිලි පිපුණා
ඔබේ ආදරයෙන් සුව අයදින මා සිත
ආදර හැඟුමින් පිරුණා
මල්සර කුමරුණි දිනය උදාවුණි
එකම ලොවක අප රැඳෙනා
මතු දිවිය සදාකල් මා ඔබ ලඟමය
එකම සිතක අප රැදෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර
ඔබ තුරුලේ මා රැඳුනා
ජීවිතේ පැතුම් පුරන්න
මා ලඟින් රැදෙන්න ඉන්න
සිහින සැබෑ වෙනවා
මල් වසන්තයේ හිඳින්න
මා ලඟින් සුවේ ලබන්න
දිවියම සැනසෙනවා
මදු සඳ හිනැහෙනවා
දෙසිතම සැනසෙනවා
රෝස පුරානෙට මදු සඳ පායන
දිනය අදයි මට සිතුනා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්
මල්සර සිතුවිලි පිපුණා
සුව මිහිර විඳින්නට කුමටද අවසර
ඔබ තුරුලේ මා රැඳුනා
වාසනා ලබන්න ඔන්න
ආදරෙන් ලඟින්ම ඉන්න
සොඳුරු ප්රියාදරියේ
මා වෙතින් දුරස් නොවන්න
ආදරෙන් සදා හිඳින්න
දිවියම සැනසෙන්නේ
සෙනෙහස පුද දෙනවා
සඳ තරු දිවුරනවා
රෝස පුරානෙට මදු සඳ පායන
දිනය අදයි මට සිතුනා
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්
මල්සර සිතුවිලි පිපුණා
ඔබේ ආදරයෙන් සුව අයදින මා සිත
ආදර හැඟුමින් පිරුණා
මල්සර කුමරුණි දිනය උදාවුණි
එකම ලොවක අප රැඳෙනා
මතු දිවිය සදාකල් මා ඔබ ලඟමය
එකම සිතක අප රැදෙනා
සුව මිහිර විඳින්නට කුමටද අවසර
ඔබ තුරුලේ මා රැඳුනා
ආදර හැඟුමින් පිරුණා
ඔබ තුරුලේ මා රැඳුනා
ආදර හැඟුමින් පිරුණා
ඔබ තුරුලේ මා රැඳුනා
ආදර හැඟුමින් පිරුණා





Attention! Feel free to leave feedback.