The Gypsies - Latha No Katha Songtexte

Songtexte Latha No Katha - The Gypsies




අද කතා නැත්තේ මොකද උඹ ලතා
උඹ එපා අඬන්නට මගේ සුදා
මට නිකං ලැබුණේ බං
ඒක නිසයි බිව්වෙ මං
නාඬං මට බත් ටික බෙදපං
මට නිකං ලැබුණේ බං
ඒක නිසයි බිව්වෙ මං
නාඬං මට බත් ටික බෙදපං
මම වැඩ ඇරිල ගෙදර එන්න එනකොට
මුනගැසිලා මිතුරෙක් මට කරපු වදේට
අදි මදි කරලා ගියා ටිකක් බොන්නට
පමා වුණේ ඒකයි මම ගෙදර එන්නට
සුදෝ එපා අඬන්න, කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න, කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
එකක් අරන් හිතුවේ මං නවත්තන්නට
එක-දෙක වුණා, දෙක-තුන වුණා මගේ කරුමෙට
උඹව මතක් වෙලා ගෙදර එන්න එනකොට
යාළුවා කරදර කෙරුවනේ තවත් බොන්නට
සුදෝ එපා අඬන්න, කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න, කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
මට දුක දෙන්නද උඹ තවත් අඬන්නේ
සිත රිදුනානම් මට සමා වෙයන්නේ
මගේ ආදර රන් කඳ අනේ මේ අහපන්නේ
නැත මින්පසු කිසි දිනකදි මම නම් බොන්නේ
සුදෝ එපා අඬන්න, කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
සුදෝ එපා අඬන්න, කඳුළු සලන්න
ලතා ඉතිං කතා කරන්න
අද කතා නැත්තේ මොකද උඹ ලතා
උඹ එපා අඬන්නට මගේ සුදා
මට නිකං ලැබුණේ බං
ඒක නිසයි බිව්වේ මං
නාඬන් මට බත් ටික බෙදපං
මට නිකං ලැබුණේ බං
ඒක නිසයි බිව්වේ මං
නාඬන් මට බත් ටික බෙදපන්
නාඬන් මට බත් ටික බෙදපන්
ලතා, ලතා ඉතිං කතා කරපන්
ලතා, දැන් ඉතින් කතා කරපන්
ලතා, දැන් කතා කරපන්
ලතා!
ලතා, තාමත් නෝ කතා



Autor(en): The Gypsies, W. Jayasiri



Attention! Feel free to leave feedback.