Songtexte




දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතිවිලි අතීතෙක //
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ සිතිජයක් විය
වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතිවිලි අතීතෙක
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතිවිලි අතීතෙක



Autor(en): Victor Rathnayake, K.d.k. Dharmawardhane


Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen