Victor Rathnayake - Sihina Sathak Songtexte

Songtexte Sihina Sathak - Victor Rathnayake




සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...
සිඟන්නියක සේ...//
ඔබ මගෙ පැල් පතට පැමිණ
ආයාචනයක් කරමින //
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා...
කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත //
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි...
එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත් //
හින්දා මටත් එලෙස
පිහිටවනු මැනේ...//




Attention! Feel free to leave feedback.
//}