Windy Goonatillake - Adara Mage Jesuni (Live) Songtexte

Songtexte Adara Mage Jesuni (Live) - Windy Goonatillake




ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතූ,
සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී,
හඬමී
මා හසුවී මාරුතේ
මඟ වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා,
සමිඳේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ,
සමිඳේ
ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතූ,
සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී,
හඬමී
ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි,
ඔබට
ඔබ දුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදනෙමි ආදරෙන්,
සමිඳේ
ආදර මගෙ ජේසුනී
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොවේ,
සමිඳේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
අද ඔබ ළඟ වැඳ වැටී,
හඬමී



Autor(en): Rookantha Goonatillake


Windy Goonatillake - Untitled (Live) - EP
Album Untitled (Live) - EP
Veröffentlichungsdatum
21-07-2019




Attention! Feel free to leave feedback.