Bathiya & Santhush - Chandani Payala Lyrics

Lyrics Chandani Payala - Bathiya & Santhush




චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ හිස්කමින්
තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය
හද රැන්දු සුරඹුන්
හැඟුම් කොයි ලෙසින් සිත්සේ
පවසම්ද සොඳුරේ
පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
පෙම් හැඟුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
සන්සුන් සුසුම් කැළඹි
ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චන්ද්ර හැඟුමන්
රණ්ඩු කෙරුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුණ
මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නෙ නෑ දැන් මේ
මං ඉන්නෙ හිරගේ
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
යන්තමින් නුවනඟින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හෙමි හෙමින් සීත ගැලුවා
දිවි ගිම් නිවෙන්න පැතුවේ
මදුර ස්වරයයි ඔබගේ
ආදරේ හීනයක් නම්
හැබෑ නොවෙනා
මං කෙසේ දැවි දැවී ඉන්නෙ
මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලියූ කවි ගී
මුමුණන්න මුවඟින්
ඔය මන්දහාසයෙන්
සැනහේවි ජීවිතේ
සෝතාප සඟවන්න
ඔබ එන්න ආදරෙන්
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ අවපසයි
මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක
මා ලබන රම්බරී
චාන්දනී පායලා
සීත සැලුවා මේ රාත්රියේ
ජීවිතේ හිස්කමින්
තුන් යාමයේ
හිත් පෑරුනේ සත්තකින් ඔබය
හද රැන්දු සුරඹුන්
හැඟුම් කොයි ලෙසින් සිත්සේ
පවසම්ද සොඳුරේ



Writer(s): Shyamalangan Sri Ranganathan



Attention! Feel free to leave feedback.