Bathiya & Santhush - Unmadini Lyrics

Lyrics Unmadini - Bathiya & Santhush




උන්මාදිනි හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා
මල් මී සුගන්දේ නැලවී වෙලී
මල් වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල් විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිඳිනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනි
ගෝපී ලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලා වූ රාධා මගේ
වස්සානයේ මේ කුළු වලින්
සන්තාපයේ ළා පොද වෑහුනේ
රන්මිණි මෙවුල්දම් බිඳිනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදිනි
උන්මාදිනි හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා





Attention! Feel free to leave feedback.