Charitha Attalage - Zd8 Lyrics

Lyrics Zd8 - Charitha Attalage




කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා
උන් රෑ මගෙ තනිකම මකනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා
රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා
උඹ කකුලෙන් අදිනවා දැනෙනවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා
ඒත් අසලින් ඇවිදින් ඉන්නවා
මට බව ඉඳහිට දැනෙනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා
රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කොනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවා
සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
සේපාලිකා මල් සංකාවෙන් තනිවම පිපිලා
පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා
ගේ මැද පාළුයි මතකය පෑරෙයි
යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා
හතර පෝයට නුඹ සිල් ගන්නවා
උරබන්දිය විස්තර අහනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා
වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
නුඹ මඟහැරලා උන් ඉන්නවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා
හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා
මම දෑස් වසාගෙන අහනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා
වැරදිකාරයෝ මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා
නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා
රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කොනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තාමත් ඉන්නවා
(ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී...)
(නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම)



Writer(s): Charitha Attalage


Attention! Feel free to leave feedback.
//}