Lyrics Romanthika Operawa - Kasun Kalhara , Indrachapa Liyanage
හේමන්ත නිද්රාවේ
ගිලෙන හැන්දෑවක
නිසලතාවයේ මතු වෙන්නේ
ඔබෙ දෑස පත්ලේ ඇවිලෙනා
ප්රේමා ධ්යාශයයි
සිහිනේ උමතු නිම්නේ
මා හුදකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන හැම රාත්රියකම
හැම හිමිදිරියක හැම දහවලකම
වෙලී ගයන්න එනු මැන සුප්රානො හඬින්
රෝමාන්තික ඔපෙරාවේ
ඉසියුම් නාද සංරචනයේ
හැම ස්වරයකින්ම වෑහෙන්නේ
ඔබෙ මගේ නොහිම් ප්රේමයයි
සඳ දිය දහරාවේ
පෙඟෙන ලැම බෙයද
නග්න තලාවේ මතු වෙන්නේ
ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනයයි
සිහිනේ උමතු නිම්නේ
මා හුදකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන සදහටම එකට
එක ආදරයක එක මිහිරියාවක
ගිලී රඟන්න එනු මැන පිලුම් මතින්
රෝමාන්තික ඔපෙරාවේ
ඉසියුම් රංග වින්යාසයේ
හැම රැඟුමකින්ම මැවෙන්නේ
ඔබෙ මගේ නොහිම් ප්රේමයයි
රෝමාන්තික ඔපෙරාවේ
ඉසියුම් නාද සංරචනයේ
හැම ස්වරයකින්ම වෑහෙන්නේ
ඔබෙ මගේ නොහිම් ප්රේමයයි
හැම රැඟුමකින්ම මැවෙන්නේ
ඔබෙ මගේ නොහිම් ප්රේමයයි

Album
The Romantic Opera (feat. Indrachapa Liyanage, Nadeeka Guruge & Krishan Wickramasinghe)
date of release
01-01-2008
Attention! Feel free to leave feedback.