Nanda Malini - Adaraye Wedanawa Lyrics

Lyrics Adaraye Wedanawa - Nanda Malini




ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සොයා ...//
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක
නොතැවී යළි සිහිකර
එන්න මා සොයා
එන්න මා සොයා
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සොයා
ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුළට ළං වූ දා
නොතැවී හිඳ තනි යහනේ
මතක සුළං රොදක එතී
එන්න මා සොයා
එන්න මා සොයා
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සොයා ...//
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



Writer(s): Rohana Weerasinghe


Nanda Malini - Adaraye Wedanawa




Attention! Feel free to leave feedback.
//}