RUDEBOYRAY feat. Aki Vish - Manmath Wuna Lyrics

Lyrics Manmath Wuna - RUDEBOYRAY feat. Aki Vish




මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ...
දැක්ක දා ඔය ඇස් කෙල්ලේ
බවුන් වැඩුවා මනසින් එක එල්ලේ
මගේ කරන්, මිරිකන් ඔය අත
ඇවිදින්න ඉර ගිලෙන වරුවක වැල්ලේ...
එලයි පාවඩ, සුදු පෙණ කැට
බදු අරන් වෙරළේ මායිම, ඉඩ-කඩ
හමුනොවන අනන්තය හොයන් ඇවිදිමු අපි
හැඩ-වැඩ තවරන් පා තුඩු අග...
දවසක් මට නම්, මදි
ආදරේට මෙතරම්, කවි
පාළුවේදී හිත නම් නෑ නිදි
කළුවරේ නෙත දල්වා හිඳී...
ඔය හිනාවට නොදැනීම වහ වැටේ
මගේ ක්ෂීරපතේ දීප්තිමත්ම තරු කැටේ
නුඹේ මදහස් මිණි සළඹ හඬවලා
සත්තයි කෙල්ලේ නුඹ මා මන්මත් කළා...
මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ...
මේ ආදර කතාවේ නුඹ තේමා ගීයයි
පේළියක් පේළියක් ගානේ හද ඉපිලී යයි
නුඹෙ හඬ තනුවක් වගේ, කන්තාරු
එක්වෙලා කරමුද ලොව අපි පින්තාරු...
මේ හිත පොඟවන් නුඹේ පහසේ
යට ප්රජාතාන්ත්රික නිල් අහසේ
මුළු හිතින් ඇවිදිනවා පෙම් පලසේ
මම තාම විදහාගෙන පිල් මනසේ...
මැද සරල සමමිතික පසුතල
අපේ පෙම ජ්යාමිතික හැඩතල
තියන්නම් කෙල්ලේ මම වැස්සටත් ගිනි
මුව සිපගන්න මගේ ඔබ වෙලා කැට පිණි...
අපේ ලොවේ ආලවන්ත වීදි නම් බෝමයි
ගෙවෙන තත්පරේටම මම ලෝබයි
දුරස් කළා දුක නුඹ හීනවල සිට
බෙදාගත්තා ජීවිතේ, වෙලාගත්තා හිත මගේ...
ප්රේමනීය හැන්දෑවේ, අත අල්ලාන ඔබගේ
මුවා වේවී, ඔබේ ළමැදේ හිස තබා
ක්ෂිතිජ රේඛාවේ, සායම් තවරා අපේ ආදර කතාවේ
වර්ණවත් කළා...
මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ...



Writer(s): Rayviyan Driyon


RUDEBOYRAY feat. Aki Vish - Manmath Wuna
Album Manmath Wuna
date of release
19-12-2018



Attention! Feel free to leave feedback.