Sanath Nandasiri - Game Kopi Kade Lyrics

Lyrics Game Kopi Kade - Sanath Nandasiri

ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ
ගමේ රටේ අහේනියයි ළමයිනේ
ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ
අපේ කාලේ අස්වැද්දූ
කුබුරු ලියැදි පාලුවෙලා
තල කුරහන් අල දෙල් කොස්
හේන් පිටින් පාලුවෙලා
අම්ම අප්ප මොක මොකවත්
කන්න බොන්න දුන් පලියට
ලැජ්ජ නැද්ද කාලෙ කන්න
ගැටවරයිනි කඩපිල් යට
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ රංචු ගැසෙන්නේ
අත පය හත්තිය තියෙද්දි
කම්මැලි කම් මොකද බොලව්
මගෙ පපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව්
වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ
අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ

Writer(s): Sanath Nandasiri

Attention! Feel free to leave feedback.