Lyrics




සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්
ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති
මිනිස් පුරේ ඇයි තනියක්.//
ගලා ගලා යන ගඟේ පිරී දිය
ඇළේ දොළේ ඇසුරට වී
සිනා සිසී වන පෙතේ හිඳී
රස බිබී මුවන් තුඩ ඇතිරී
සඳත් ඉරත් නැති...
සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ බිඳී ලොව සිතුසේ
ඔබේ මගේ පැල බෙදී බිඳී යන
සුළං කැරැල්ලේ දුකසේ
සඳත් ඉරත් නැති...




Attention! Feel free to leave feedback.
Loading
Loading