Chandralekha Perera - Neela Nuwan paroles de chanson

paroles de chanson Neela Nuwan - Chandralekha Perera




හා... හා, හා...
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩඟේ පැටලී
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ
ඇයගේ දෑසින් කියවූ කවිය
මුමුණන්නේ තනිවී
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
රළ රැලි හඬනා පුළින තලාවේ නැවතී
දේදුනු සායම කලතා
රළ රැලි හඬනා පුළින තලාවේ නැවතී
දේදුනු සායම කලතා
ඇගේ හදේ දුටු සිතුවම ඔබ
සමරන්නේ තනිවී
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලූ සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී



Writer(s): Rohana Weerasinghe



Attention! N'hésitez pas à laisser des commentaires.
//}