paroles de chanson




සායම් රූපේ මායම් රෑනේ දෑසින් ඉඟි කරනා
පාරක් ගානේ කෝලම් සාදේ ගායෙන් හිත බිඳුණා
කාලෙන් කාලේ මේ දුක් මාගේ ගාවින් තනි රැකුවා
ආයෙත් නෑනේ මේ සංසාරේ ප්රේමෙන් හති වැටුණා
එහ්, මම නොදන්න වාහේ මට අනංගයා කිව්වා
නුඹ නොදැක්ක මාගේ පැති අනන්තවත් තිබුණා
පින නොතිබ්බ ආලේ සිව් දිගන්තයේ දිව්වා
අද මාගේ තනි ලෝකේ සුන්දරත්වයෙන් පිරුණා
මා දන්නෑ (මා දන්නෑ)
මට තේරෙන්නෑ (මට තේරෙන්නෑ)
කවුදෝ දන්නෑ (කවුදෝ දන්නෑ)
දෛවේ ලිව්වෙ තාලෙත් නෑ
ගානක් නෑ (ගානක් නෑ)
මට පාළුත් නෑ (පාළුත් නෑ)
පෙම් හීනත් නෑ
මට ආයෙත් වරදින්නේ නෑ
හීනෙන් වාගේ රෑ තුන් යාමේ තාමත් සිහිවෙනවා
වාවන්නෑනේ හීයක් වාගේ මාවත් මට නැතුවා
පාළුයි වාගේ මේ වස්සානේ ආගන්තුක හිතුණා
නෑ නෑ ආයේ මා රැවටෙන්නේ සීලෙන් හිත හැදුවා
එහ්, මම නොදන්න වාහේ මට අනංගයා කිව්වා
නුඹ නොදැක්ක මාගේ පැති අනන්තවත් තිබුණා
පින නොතිබ්බ ආලේ සිව් දිගන්තයේ දිව්වා
අද මාගේ තනි ලෝකේ සුන්දරත්වයෙන් පිරුණා
මා දන්නෑ (මා දන්නෑ)
මට තේරෙන්නෑ (මට තේරෙන්නෑ)
කවුදෝ දන්නෑ (කවුදෝ දන්නෑ)
දෛවේ ලිව්වේ තාලෙත් නෑ
ගානක් නෑ (ගානක් නෑ)
මට පාළුත් නෑ (පාළුත් නෑ)
පෙම් හීනත් නෑ
මට ආයෙත් වරදින්නේ නෑ



Writer(s): Chanuka Moragoda



Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement