paroles de chanson




අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
ලෙසේ ගෙවෙයි දැන් ජීවිතේ
උදව් කරා මං කාටත් කෙසේ
හලන්නේ මීවිතේ එපා වෙලා මං ආතතියෙන් දැන්
මට මම විතරයිනෙ හැගෙන්නේ තාමත්
අන්ධකාරේ මං
අන්ධකාරේ මං
කාවත් සම්බන්ධ කරගත්තේ නෑ
ළඟ හිටි අය වෙනස් වෙද්දී
මං පාඩුවෙ කැපුනෙ
යාලුවෙක් වත් නැත ළඟ
රඟපාල යන්න ගියා ගානට
ඔළු අතගාලා බං
අතගාලා බං
විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මං
ප්රශ්න තිබ්බත් අඩියට මම පාගා
කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මං
ළඟ හිටි අය ගියා හිත පාරා
මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
විසදුම් ලැබෙයි මේ නිසැකව ප්රශ්ණෙට
දිනෙක ඔබද මමද මේ පොලොවට
පස් වෙලා යයි ඩෝ
අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ
එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ
සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
කලකිරිලනම් අවසානේ නිහඬව විද
දරා ගනින් බ්රෝ
දරා ගනින් බ්රෝ
වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
ගණන් ගන්නෙප කවදත් විසයි හොඳ මූණ පෙන්නා
කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි
යාළුවො දැන් කෝ
යාළුවො දැන් කෝ
මලක් අරගෙන යද්දී මං පාරේ
විසටමයි ඇදුනේ තාලෙන්
පිට පිට ආවත් ප්රශ්න දැන් මටම හද ගාවම ගෙවෙන තාලෙ
එක එක ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
දුන්නා පාවා මාව කාලා ඔළු පාගා
තව පිස්සෙක් කලේ මං
මතක් වෙයි කාලේ උන සිද්දි
ආතතියෙන් මම ඇන්දෙ රූප බිත්ති වල
මගේ විත්ති බලන්න කවුරුත් එද්දි
දොර වැහුවා මම ඩෝ
අන්ධකාරේ මං ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරෙ මං ඉතින් ආලේ දැන් පස්සෙ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ
ඇවිදා මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ



Writer(s): Dileepa Madushan, Dilochana Perera



Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement