paroles de chanson

හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන්
වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්
කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම
මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්
සොහොන වෙත පැමින ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්
නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා
තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ
අන්දකාරේ විෂ පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා
විලාපෙන් හෝරා ගෙවෙද්දි මැවේ ඇගේ සිත්තම් දැවෙයි දිවංගන වී දැන්
නීරස ජීවිතේ පලක් නැත ඉඩක් නැත කාටවත් ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ
අලාප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්
අලාබේ මට නිදහසේ සිනහවෙන් සිටි කාලේ පිපාසෙන් මන් කල් ගත කරන්නේ මේ රෑ
නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ
ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා
තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ
අන්දකාරේ විස පාරේ හිස තාලෙන් මත් වේ දැන්
මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා

Writer(s): Dileepa Madushan, Dilochana Perera

Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement