Keerthi Pasquel - Bolada Katha paroles de chanson

paroles de chanson Bolada Katha - Keerthi Pasquel




බොළඳ කතා කියලා
පාසැල් පෙම බැඳලා
මතු පෙම් සිහින මවා
ගතකළ ජීවිතය එදා
මා දිළිඳෙකු හන්දා
වතුපිටි ගෙවල් සොයා
මගෙ ආදරේ නොබලා
වෙන කෙනෙකුට මන බැන්දා
දුප්පත් වූවත් ආදරයයි
මිල මුදලට වැඩියෙන් අගනයි
මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවේ, කෙල්ලේ ඔබටයි
මම නැකැත් බැලුවේ, කෙල්ලේ ඔබටයි
ඔබ මා තනිකරලා
අද වසරක් ගෙවුණා
ඔබ කී බොළඳ කතා
දැන් වගෙ මට සිහි වෙනවා
දුප්පත් වූවත් ආදරයයි
මිල මුදලට වැඩියෙන් අගනයි
මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවේ, කෙල්ලේ ඔබටයි
මම නැකැත් බැලුවේ, කෙල්ලේ ඔබටයි
සිහින ලොවට වැදිලා
ඔබෙ සුදු මුහුණ මවා
ආදර බස් දොඩලා
සැනසෙන්නම් මැරෙන තුරා



Writer(s): Los Flemingos


Attention! N'hésitez pas à laisser des commentaires.