Nanda Malini - Jeevithe Kaviyak paroles de chanson

paroles de chanson Jeevithe Kaviyak - Nanda Malini




ජීවිතේ කවියක්
ආදරේ...
සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්
හසරැළි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්
පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරාගන්නට
සිතට බල කරනා හැඟුම් අවදිව
මැවේ කවිකම
ජීවිතේ කවියක්
ආදරේ...
සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්
හසරැළි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්
සෙනෙහසින් රැඳි උන් එක හැම
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිඳී දස අත
විසිර යන යාමේ
කවුරු නම් ළං වේද තනියට
ජීවිතේ කවියක්
ආදරේ...
සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්
හසරැළි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්.




Attention! N'hésitez pas à laisser des commentaires.