Rohana Weerasinghe feat. Nanda Malini - Sonduru Dasun paroles de chanson

paroles de chanson Sonduru Dasun - Rohana Weerasinghe , Nanda Malini




සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නඟා එතෙරට වැද පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා
වාසි පිලට හුරේ දමා පිළෙන් පිළට යමල්ලා
බීපු ලිදේ දිය බොර කර මූදට වඩල්ලා
දණින් වැටී නළල ඔබා නිළතල අරගනිල්ලා
කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා
දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කව් සිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකරි බටිල්ලන් එක්කලා බයිලා පොලට ඇවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා



Writer(s): Rohana Weerasinghe


Attention! N'hésitez pas à laisser des commentaires.