Sangeeth Wijesuriya - Supun Sihine paroles de chanson

paroles de chanson Supun Sihine - Sangeeth Wijesuriya



සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ
සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
සුන් කරයි මා වේදනා
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ
රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ
නන් සැපින් පිරවීද නිදි දුව සිහින විමනේ
පුතු සිහිනේ අඳින දෙවිඳේ
මුළා නොකරන් මා පුතුන්
නොමැත සුව නිදි යහන් පුතු හට
නොම මවනු මැන දසුන්
තරු වැල් ගොතා, සඳ කැන් මතින්
සතපන්න පුතු හැකි නම්
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ
දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ
මා පුතුන් දෝතින් අරන් නැලවීද ගීයෙන්
ඇගේ දෙ අතේ නිදන් පුතුනේ
නොම සොයනු අවදිව මවුන්
සුව නොමැත මා පහස ඇගෙ මෙන්
රළු වුණේ උරතල බරින්
මා ලොව පහන් කළ රන් පුතුන්
ඔබ රකිමි දිවි හිමියෙන්
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ
සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
සුන් කරයි මා වේදනා
සුපුන් සිහිනේ නිදන් පුතුනේ
දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ
පැතුම් මල් සුපිපේ




Sangeeth Wijesuriya - Best of Sangeeth Wijesuriya
Album Best of Sangeeth Wijesuriya
date de sortie
06-08-2018




Attention! N'hésitez pas à laisser des commentaires.