Somathilaka Jayamaha - Dama Yannata paroles de chanson

paroles de chanson Dama Yannata - Somathilaka Jayamaha




දමා යන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමනයි.
බැඳි දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ලබැඳිසිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය
සසර මග දකිනා...
දමා යන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමනයි.
බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පනනල සමග ඇදෙමින්
අපේ අත්වැල් ලිහි ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන
සියළු බැමි සිඳිනා
දමා යන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමනයි.
ඉදිරිපත් කලේ ඩයස් කිරිආරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සෝමතිලක ජයමහ



Writer(s): Rohana Weerasinghe


Somathilaka Jayamaha - Hamuwuna Oba
Album Hamuwuna Oba
date de sortie
14-11-2014





Attention! N'hésitez pas à laisser des commentaires.