paroles de chanson




එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණි මල් වරුසාවේ
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණි මල් වරුසාවේ
කිසිවකු සමගින් එකට තුරුළු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටුවිට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ
අපෙ ඉස්සර කාලේ
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණි මල් වරුසාවේ
මද අව් රස්නෙට වුව සෙවණක් නැත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ
මගේ මහිම එලෙසේ
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණි මල් වරුසාවේ




Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement