Chandralekha Perera feat. Rookantha Goonatillake - Wasantha Wassata текст песни

Текст песни Wasantha Wassata - Rookantha Goonatillake , Chandralekha Perera




වසන්ත වැස්සට තෙමුණා වේ
වසන්ත සුළඟත් හැමුවා වේ
වසන්තයේ මුණගැසුනා වේ
වසන්තයේ ඔබ පිපුණා වේ
බඹර ගීත ගුම් දෙන යහන
බඹරු වඩිති අරගෙන හීන
නිවා දමමි රෑ හඳ පහන
මමයි ඔබේ ලොව බඹරාන
වසන්ත වැස්සට තෙමුණා වේ
වසන්ත සුළඟත් හැමුවා වේ
වසන්තයේ මුණගැසුනා වේ
වසන්තයේ ඔබ පිපුණා වේ
හැඟුම් පිරුණු මල් බර පියසේ
හැඬුම් ඇසේවිද හොර රහසේ
සුසුම් කඳුළු පිස දා නොලසේ
පැතුම් හොවමි නිල්වන් දෑසේ
වසන්ත වැස්සට තෙමුණා වේ
වසන්ත සුළඟත් හැමුවා වේ
වසන්තයේ මුණගැසුනා වේ
වසන්තයේ ඔබ පිපුණා වේ



Авторы: Rohana Weerasinghe



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}