Charitha Attalage feat. Hashani Wasana - Latin Kankaariya текст песни

Текст песни Latin Kankaariya - Charitha Attalage feat. Hashani Wasana




නුඹට පානා හනික කෝපේ
නමට පමණා කරුම දීගේ
පිපිණු තිසරුන් මගදි දුටුවැයි
පැලුණු උකුල් නොදැක කොහොමැයි
පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හෘදේ නුඹටා
ඇහැට ගැටෙනා තැනක මානේ
ගැහැණු අගුණා මෙමට කීවේ
ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ
නොදන්නවා නොවේ
කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ
ඉහ උඩ හෙලු මාලිගේ අන්තඃපුරේ
උඩැක්කියක් නොවේ
මා බිසවකි කඳුකරේ රජපෙලේ
ගැහැණු රවටා බෝමා කැටුව දා මා
පණට සේමා නුඹට ප්රේමේ
පණට පණ හා සේමා ගැහැණු බෝමා
කනට කර මා මටලු ප්රේමේ
ඇති දැන් මගෙ දේසනේ ගත බීසනේ
ගිනි ගන්නවා වගේ
බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ
අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ
පිරිමින් යටයි කොහේ
කාටත් ඇති කෑදරේ රති සාගරේ
මගේ පෙරදා පවටා නුඹේ පිනටා
දෙගුරු රවටා එන්ට ආවේ
දෙගුරු පෙරදා රවටා දුගී පැලටා
එන්ට කියලා ඇයිද කීවේ
නුඹට පානා හනික කෝපේ
පිපිණු තිසරුන් මගදි දුටුවැයි
පැලුණු උකුල් නොදැක කොහොමැයි
පිරිමි ඔහොමයි මුගුර නරකයි
උකස් දුන් හෘදේ නුඹටා
ඇහැට ගැටෙනා තැනක මානේ
ගැහැණු අගුණා මෙමට කීවේ



Авторы: Charitha Attalage


Charitha Attalage feat. Hashani Wasana - Latin Kankaariya (feat. Hashani Wasana) - Single
Альбом Latin Kankaariya (feat. Hashani Wasana) - Single
дата релиза
19-12-2021



Внимание! Не стесняйтесь оставлять отзывы.