Sunil Sarath Perera feat. Gunadasa Kapuge - Pasak Kota Athi текст песни

Текст песни Pasak Kota Athi - Gunadasa Kapuge




පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා.
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා.
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා.
නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිත්
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
එවා ඇත රුදු මාර දෙව් පුතු.
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා.
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා.
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා.
පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදුව ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවින
නසා තිලොවෙක අවිදු ගණඳුරු...
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා.
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා.
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා.



Авторы: Gunadasa Kapuge


Внимание! Не стесняйтесь оставлять отзывы.