Текст песни




ආනන්ද සාගරේ
මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ පේමේ
උදාරයි පියේ
සංගීත සෙවනේ
ඔබයි මගේ ජිවනේ
ඔබයි මගේ ජිවනේ
විනෝදයි අපේ ජීවේ
විනෝදයි පියේ
ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ
ඔබ මුහුදය මා රළ වේ
ඔබයි මගෙ නළඟන දිවි සිනමාවේ
ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ
ඔබ මුහුදය මා රළ වේ
ඔබයි මගෙ නළඟන දිවි සිනමාවේ
නාමල් සුරූපියේ
මගේ ජීවනාලියේ
මගේ ජීවනාලියේ
උදාරයි අපේ පේමේ
උදාරයි පියේ
ඉඳුනිල වේ ඔබ සොඳුරේ
මගේ රන් මුදුවේ රශ්මිය ගැවසේ
ඔබ සිල වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ
ඉඳුනිල වේ ඔබ සොඳුරේ
මගේ රන් මුදුවේ රශ්මිය ගැවසේ
ඔබ සිල වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ
මා පිය දේහිනී
සුභානී සුභාෂිණි
සුභානී සුභාෂිණි
උදාරයි අපේ පේමේ
උදාරයි පියේ
ආනන්ද සාගරේ
මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ පේමේ
උදාරයි පියේ



Авторы: Donald Ivan, H.r. Jothipala, Karunarathna Abysekara, Torana Music Box, Unknown



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка