Indrani Perera - Amma текст песни

Текст песни Amma - Indrani Perera



මතකය ඇසුරින්
සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
මට පමණක් එය හිමි නැත්තේ ඇයි
නිරතුරු වැළපුනෙමි...
අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඔබ බව දනිමි...
ඉස්සර දවසක
උදෑසනක ඔබ මා නලවන්න ඇති
මා හඩනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇති
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිපගන්න ඇති
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇති
අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඔබ බව දනිමි...
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඔබ බව දනිමි...
DDWG



Авторы: O.n.v. Kurup



Внимание! Не стесняйтесь оставлять отзывы.