Israel Vibration - Gang Bang Slam текст песни

Текст песни Gang Bang Slam - Israel Vibration



- කඩුවෙල
E-root නැවතිලා ගේමෙන් ගතවෙලා කාලේ දැන් හැල්මෙන්,
Drill Team බලකණු බිහිවෙලා බැලු බැලු තැන වැකි විදිනවා වෙඩි වගේ,
උඩු යටිකුරු වෙලා හඬවන නෙත්,, රත් තෙත් මත් කරගෙන බලපන්
සුළි බිඳ විහිදෙන රැප් සුළි සුළගෙන් පිලිවෙලින් පැමිණෙන රැප්වරු
පතුරන cypher වචන පද වැල් රැව් පිලිරැව් ගිනිදැල් වෙල දැල්වෙයි
උබලගේ ඔය සිත් පිත් තුල.
නැළවෙන Swag.රැස් ඇති දැන් අපිට.!
කරගෙන Diss, මිස් වෙලා කාශ්යප King,
දිස්වෙයි උබෙ හිස් මොලේ ඇති කුහක රස්නේ,
රැප් වාද්ය, මාද්ය, උබෙ බොරු වාක්ය, වගෙයි අනර්කලී දාන නාට්ය,
හාස්ය මැදින් අහන් cypher කාව්ය, කියපන් අපි සම්බාව්ය.
සංක්යාව 62992... මුද්රාව හිතේ, නිග්රහය නැතේ.විග්රහය දෙන්නේ අපි කවි සංග්රහය ලෙසේ.
සංකාවේ නෙවේ. පංකාව මුවේ, රැප් දහනේ, වදන් වහනේ, පහනේ cypher දැවේ මද්දහනේ...
DRILL TEAM bala kanu...
- මාලබේ
පොඩි උනාට සැරයි අපි කොච්චි
මලසමයන් හිනා දකලා කැටයම්
බොල මරද්දි කරනවා අපි දඩයම්
හැඩතලයන් සරඹ කොපි කරපන්
කරල රවන හැටි ඔහෙපලයන්
අපෙ මානය දඩුබස්නමානය
අපෙ අවසානය රැප් අවසානය
ඇලපිලි පාපිලි පිටවෙන්නෙ කිපිලා
එකෙක් මැරුවොත් හයක් ඩ්රිල් ටීම් මාපිලා
ඩ්රිල් ටීම් නිව්ව මොල රැප් වල සාගිනි
අපි ලැව් ගිනි අද පුරා රූපවාහිනි
දැම්මා සුදු කොඩි මාස තුනකට කිලි
DREX ගනින් හර්ස් එක Cypher දැම්මා මොචරි.
- වටරැක
මා... සෙව්වා කතරක යට ගිය දවස
වැලිමත සැගව විනාශ වූ මතක සොහොන
දුකට සිනාවෙවී නොලැබ සැප
කාපූ දත්මිටිවල රසට මගේ හිත මැරැණා
එකට කාපූ බීපු මිතුරෝ මග හැරියම
මාරය මට හිනාවෙලා කිව්වා කිංඩියට
බීපං පුතේ වස බලපං හැටි ජීවිතේ ගෙවන
සෙප්පඩ බොක්කක් පෙන්නන් මුං කෑවා උඹෙි ලොව
මේක පකේ ලෝකයක් හිනාවෙවී අරින
සමාජෙ මඩට ගොනා ඇද වටේම දුවන
දුකට කීවට සෙත් කවී එල බොක්කෙන් මැරියං
සැපට කෑවෙ නෑ මෙලෙවදී
ඒත් බොක්කෙන් මැරියං
- පානදුර
ඉපදුනේ වර්ශේ අනූ අටේ මස පෙබරවාරී.
ඇහුනම මගේ නම වැටෙන්නැද්ද නාඩී.
කියලා දෙන්නම් රැපාරද රැප් විශම ජාතී.
Westනා ඉනිමඟ රැප් පෙරටුගාමී.
හෙළ අටු නද මිශ්ර වූ රැප් සංයෝගය.
සිංහල රැප් ලියැවුනේ මගේ දෛවයෝගය.
උග්ර වදන් පිටවෙන බළකා නාදය.
වරෙං සටන ඇරඹුනා අශ්ව මේද යාගය.
හෙළ රැප් කර්ණය පියාඹන වස්තුව.
වෙන්නෑ මෙල්ල උබ ගෙනාවත් හෙන්ඩුව.
AF බළකායෙන් පරමාණු බෝම්බය.
හැප්පුනොත් උබ යට වෙයි වගේ කොස්ලන්ද
- තලවතුගොඩ
සිතුවිලි. මං අඩව අඩව.
කපනවා උබෙ මස් තියන් උබෙ ලගම. ලගම
අදුරට එලියක් දෙන්න මම හැ දුවේ
ගැහුවා ගිනි කූරු සීයක්.
නිවුනා.දැවිලා අලු බිමට වටෙද්දි
අන්තිම එක විය එලියක්.
දැවෙනා ලෝදිය දහරක මා.
වටවී මැද ඇති ජලයත් අරගෙන
දියමන්තියකට නිම කෙරුවා.
කවුරුත් දුටුවේ නෑ එහි වෙනසක්...
වෙනසක් කල, වෙන සක්වල, පිටසක්වල ජීවිතේක අැරබුම
ගිනිබත් කල, මුසපත් වුන, විස නන්වන, හිත බිදලන පෑරුම.
විදිමත් උන, විඩාපත් උන ගොලු හිත අයෙත් එන්නෙ නැ දැන් .
අැදි සිතුවම් මකා දමමි.
මම මිනෝල් කරයි අහසේ පාට.
කලු, කැත, විනාශ.
අලු කරයි සීමාවන්.
උබලා දෙයි විලාප.
මගේ ඇග පුරාම.
දුවයි දැන් ලාවා.
පුපුරන්නයි යන්නේ දුවපන් හොයන් පාරක්.
- මීගමුව
සෙන්ට් එක ප්රන්ශේ කොල්ල බලු වංශේ
උබ පන්තියේ අංක 1 මම irc number 2
රැප් සිහිකරවයි නුබ ලමිස්සියෙක් අද වෙච්ච ගෙට
පරපෝෂිත මම ශ්රී විෂ්ණු විබුශිත
පෙරලපන් මහා වංශ පොත බලපන් මගේ වතගොත
මම ඩන්කන් වයිට් උබ ඉදුනේ ගහල කාබයිට්
මාත් එක්ක දුවල හති උබට මෙන්න හදාපු මාමයිට්
උබ හරි වැඩකරුලු පෙරහරේ කස කරුලු
මහා පෙරහරේ කරඩුව ගෙනියන දල ඇත් රජ මමලු
Check this out මම මහා කුළු mcs
සිංහ කොඩිය වනුවේ 96 ඉදල පර්සි
////// කළා සූරී එදිරිසිංග මර්සි
තොගේ අයියගේ බජව් කාමරේ පුරෝලා දෝසි
අවදි වෙයන් හිතුවද උබ මහා ලොකු තරුවක්
ගල් ගහල වල්ගා තරුවක් වට්ටන්න ගියේ නැ මට වරුවක්
මල්ලි නවත්තාපන් දැන්වත් උබේ සිංහල පොෂ් ටෝක්
මම රැප් කරද්දී සිංහලෙන් උබලගේ සීයා ආච්චිට ටෝක්
- දෙමටගොඩ
යුද්දේ නැතුව පාලුයි
නයිටීඑන් බලලා තලු මරලා ඉන්න අත් බැඳගෙන
දණහිසෙන් අඟලක් උඩ දැක්කත් සිල් බිඳගෙන
සුදනන් ලෙස ඇඳගෙන දුදනන් මූණු වහගෙන
පන්සල් පල්ලි කෝවිල් පසුපස යයි වැඳගෙන
බඩ කට වෙනුවෙන් කට වට බැඳි වැට දාපන් බල්ලට
සට පට හෙණ හෙට වට කර වැදුණත් උඹේ තනි සොහොනට
කළුවර කුණු මොළ අරගෙන අඹරලා සේදුම අරඹන
වැජඹෙන Zen මම හෙළ රැප් මම යළි උඹ කළඹන
(උල්කා)පාත වගේ සැර වචන මගේ නිදි කිරන තොපේ ඔළු පළන් වැටෙයි
බෙලි ගෙඩියට බය වුණු හාවෝ වගේ තොපි පාරේ දුවයි මුළු ලොව පෙරළෙයි
මගේ සිතුවිලි සිත්තම් වියරු වැටී තනි රූල් ඉරන් හෙළ රැප් මතුවෙයි
සැකෙවින් රුපු නසනට විකුමින් පිරි රැප් ගුණ ඇති Zen මමයි
- කැස්බැව
තම්බපන්නි... omme ranasingha
සාදු කියපන් අතට ගත්තා මයික්රෝෆොනේ.
උබ ලුතිනන් නම් මම කැප්ටන් රැප් සාගේ.
ඕන දේක ඩිග්රී බලන්න පිටු මගේ නැහැ
සැලියුට් කිරි කජු කොල්ලන් හමුවේ.
වෙනවද උබ බොරු රැප් මැටිරියල්,
පලයන් සතොසට කාපන් කිරි එක්ක උබ සීරියල්.
පොඩි කාලේ උබ කියෙවුවේ ගම්පෙරලිය,
ගම්පෙරලිය අද නැහැ cypher පෙරලිය.
උබ රැප් බෑවට නයිට් කඩේ,
වගේ බාන සුදු පාට ආප්ප වගේ.
දිරවයිද බොල මල්ලි උබේ බොරු සිගිත්ත...
රෙද්ද... අපි වපුරන්නේ රැප් විචාර
- මාලබේ
රියලැටිය දුකක් වෙද්දී
බොලා... පරදේශ වසංගත ඉබෝලා
මමයි කිස්ට් මාමා අමු මොල ගන්නන් ඉදෝලා
අඩෝල නැ දෝලා නෑනේ කට කියොලා
අනෝරා රැප් වැස්සේ Drex වදන් අමෝරා
මේ බොරු බල දවල් වල කලා රට කලබල
කාපන් අසනම් යාලු ඕවා නියගලා අල
සුද්දට අතිරස අපිට අතුරු පල
සිංහල නම් බොල පන්සලකට පල
එක ලෙයක් එක දැයක් බැඳී එක හුස්මින්
එක් වෙලා කරමු පිට රටම තුස්නීම්
තනි කළු අඳින්නේ DREX හරි චාම්
මගෙත් යකා ඇතුලේ දොර ඇරියොත් වාන්
ඔප්පු කල බාරයක් දෙවියන්ටත් පින්දී
කපල කොඩිවිනේ ගිනිතිව්ව අපි පිල්ලි
ඒ! මේවා වෙච්ච ඇත්ත සිද්දි
සිංහලෙන් රැප් තනි කළු *ත්තෝ DRILL TEAM
- පානදුර
අපේ පැත්තේ මාර සිද්දි
6 වෙනි පටුමග මොරටුවෙ බලතල
බෙල්ලට ගෞරව මල්මල
Cypher දෙවෙනි පිටෙ sniper මමයි බොල
දුරසිට හදුනමි තොපෙ මුන
හිටිවන රැප් මට පිටවන විට
බොට වෙනවනෙ දත කට පුට්ටුව
බෙරකරු නැට්ටුවො අහකට පල
මම නිලමෙ තුමා රැප් පෙරහැරට
පාට සරුංගල් ඉහලට ගැහුවට
නුල කැඩුන විට බිමට වැටෙති
මුල මතකනෙ නැ බොට විභාග එනවා
හෙල රැප් හෝඩිය බොහොවටි
වඳුරට දැලි පිහි මීකිරි කන්නට
ගැලපෙන්නැ බොට නැ වැටහි
මන්තර ගුරුකම් මාතර කපුවගෙ
බලබිදෙන්නෙ නැ ශුර බලෙන්
දැනගෙන යන මම කතරගම
තොපි නොදැනගිහින් හෙට අතර මග
පතාලෙ තාලෙ ගැන කතාව එපා
මම බොහොම මීටර් මහරගම
හුරු පුරුදු වෙලාවගෙ කපටිකම
තම දීග යන්නෙ නැ ලපටිකම
ලග ලග බලපන් උබෙ ග්රහ අපල
සෙත් කවි ලියපන් පව් දුරුවෙන්න
වෙස් මුනු නැටුම් මැද හැංගි හොරා
අපෙ ගලන ගඟට ඉනි බදිනූ එපා
උබෙ ගොත්ත කපලා මම ගත්තෙ පුතා
තොගෙ බැට්ට්රිය බැහැලා රැප් කරන්න එපා
- මොරටුව
Nursery රැපාලා වලලන්න ආවෙ මන්
කෙටි දුර ධාවන එවුන් ඉතින් දුවපන්
මයික් එක මගෙ කිනිස්ස
මරල ඉවරයි දැනටමත්
මේ පද උඹලට පින් පිණිස
කියන්න ඕනෙ නෑ මචන් දන්නෝ දනිති
අඩන තොපිට ඇයි ආයෙ ආයෙ ඇනිලි
කලින් cypher එක හින්දනෙ මේ කැපිලි
කරනවා වෙනකම් ඇටසැකිලි
කියන්න දෙන්න එපා මගෙ කටින් ඔය නම්
කන්න දීපු අත හපා කාපු සක්කිලිකම්
නසරානි, කඩප්පුලි අපෙ රැප් පද බන්
අපි රැප් බලතල රැප් කල්ලි මරුවන්
- පන්නිපිටිය
ක්ලස්ස් එක තර්ඩ් ග්රේඩ් එක...
අපිටත් තොපිටත් සාමෙන් සෙල්ලන් කෙරුමට තමයි මලේ
මහා කැලේ පාගල පිටියක සිමා මායිම් සකස් කලේ
හරියට දේකට පිළිවෙලකට(2) ගැලපිලි නොමැති නම්
පළවැනි පෙළකට අදුරකට වී එත් අත වනන්නම්
දුන්කොල සිත්තම් පියාපත් විදක්ත වර්ණ පියාපත්
හෝමෝන අපි හෝමෝ සේපියන් නේක(3) ප්රතිපල ගත්
ගෙදරදී බලන් වරෙව් මෙතන නැලවෙන්න නම් බැ බන්
ලයික්/ලයිට් දාල ගහන්නේ ගෙදර යන්න වෙන්නේ රෑ බන්
සැල වියතුවේ කරුණු වගබලා ගත්තතොත් හොදයි
නැත්නම් කියයි රැප් අදිකාරිය වෙස්ට් නාහිර නරකයි
වමටත් දකුණත් බැ චොකලට් කුරුල්ලන්ටත් බැ
මර වෙඩි මරන්නෝ කොර වේවි අසන්නෝ රැප් හැබැයි
- මිගමුව
18+ ප්රේක්ෂකයන් හට පමණයි
බලපන් වෙස්ට්නාහිර සිංහල හෙලබස රැප් සුදීර,
දර්පන තලේ හින්ද වැසූනීර විසුනීර විසගෝර වෙරළබඩ වෙස්ට්නාහිර kaboom,
පරමාණු ඩයිනමයිට් අදහන්නම් ගරහන්නම් ඩ්රිල් ටීම් ඔටෝමාන සුත්ති,
ආපෝ තේජෝ වායෝ කෙටුනු හදවත ලේ අනු පුපුරා විලස පිටකරනා බල තේජ සිතුවිලි,
දවනි අග්නි මම අස්ලාන්,
අසනාන් හෙළ රට ඇත සිංහල බස ගරහන නර අසලිපහන සංගීතය බාරෙට දැන් පස්වාන්,
හරබල අනසක පතුරන වෙනසක හෙලපන නමරදී තරුබද විලසට,
නිරුවත වෙත සරුවට කේත ළඟ රැදී අවජීවිත පවා සිහි ඇති තර්කය,
හරමන කලාවට හීනමාන අපවට දැනගෙන කරගෙන තරමට වරමට
ගැලපෙන නරුමක මල්සර ලාමක බෝලාගේ රැප් මට.
- මාලබේ
Born මානසික් (Im the best) أنا الأفضل සාජෙහාන් Arabic
ඔය අලේ බලේ මලේ rhyme මට ඇලජික්
මොළෙ පහන ඇතිල්ලුවා තෙවරක් ඇලඩින්
වපසරිය අහුර උබ අපි තලිය
ගැවේ උබ කුරුටු අපියි යාළු බලිය
කරන් තොවිල රැප් ඇතුලේ ඉන්නේ නලි නලිය
කෑවේ කට්ටම කිව්වේ බොල පට්ටම drill team අපේ මට්ටම homie අටපට්ටම
මරපන්, හම්බෙන්නන් ගිහින් 2PAC අතටම දෙන්නම් දෙවියන්ගේ බාරේ ලියුමත්
තනිකළු swag ආවේ ඒරොප්පෙන් borna දාන්නේ සෙරප්පු දුප්පතා බොක්කෙන්
හිල් කරන් මොළ පටන් ගත්තේ ටොක්කෙන් නම් කරපන් DRILL TEAM නැති TOP 10
By DG HARD :)



Авторы: Cecil Spence


Israel Vibration - Jericho
Альбом Jericho
дата релиза
08-08-2013




Внимание! Не стесняйтесь оставлять отзывы.