Mervin Perera - Eka Mohothak текст песни

Текст песни Eka Mohothak - Mervin Perera




එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
කඳු ගිරිහෙල් රළු බොරලන පියමග මනිමි
අහසයි පොළවයි එක් වන දවසක් ගනිමි
කඳු ගිරිහෙල් රළු බොරලන පියමග මනිමි
අහසයි පොළවයි එක් වන දවසක් ගනිමි
මල් පොකුරකි එක නටුවකි බව සැබැවි
මල් පොකුරකි එක නටුවකි බව සැබැවි
එක සිත ගැන සිත් දෙකකින් නොසිතනු මැනවි
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
පිළිවෙළකට නැති ලෙස තරු අහසේ අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එයි වත සපුරා
පිළිවෙළකට නැති ලෙස තරු අහසේ අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එයි වත සපුරා
මග සලකුණු දක්වා හිනැහෙන එළි පතුරා
මග සලකුණු දක්වා හිනැහෙන එළි පතුරා
බැස යනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්



Авторы: Crs, N, A



Внимание! Не стесняйтесь оставлять отзывы.