Mervin Perera - Me Nagaraya текст песни

Текст песни Me Nagaraya - Mervin Perera




මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අතගෙන ගිය වීදියෙ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි



Авторы: Crs, Mervin Perera, N, A, Premakeerthi De Alwis



Внимание! Не стесняйтесь оставлять отзывы.