Mihindu Ariyaratne - Sanda Raajini текст песни

Текст песни Sanda Raajini - Mihindu Ariyaratne




සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ මනමාලයෝ චාටුවෙන්
ආලිංගනේ මනමාලකම් පූදිනා මේ යෞවනේ ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ
(සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ)
සඳමිණී දෝතක් නිල්මිණි පතුලේ හංගා.
පිනි දිය ඉහිරු සඳවත මා සිම්ඹා.
ඔය නෙතු මගෙමයි කියනෙමි හිරු සඳු දිවුරා.
මා පෙම්බරි ලංවෙලා ඉන්න තුන් යමේ. පෙම් හීනයක් අරන් අපි ලගින් ඉමු රත්තරන්.
දුක් ගීතයක් නෙවෙයි ජීවිතේ ඉස්තරම්.
හිත් මාලිගේ පුරා පීදිලා නුඹෙ නාඩගම්.
මා ශෝකයෙන් තැවෙ ගොම්මනේ නුඹ නාව නම්.
මනමාලකම් පූදිනා මේ යෞවනේ ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ
මා පෙම්බරි ලංවෙලා ඉන්න තුන් යමේ
සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ
මනමාලකම් පූදිනා මේ යෞවනේ ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ
සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ





Внимание! Не стесняйтесь оставлять отзывы.
//}