Raini Charuka - Chanchala Daase (Live) текст песни

Текст песни Chanchala Daase (Live) - Raini Charuka




චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා
ආදරේ දීලා
මල් වගේ සිනහා ගේනා
මුදු හාදු වෑහේනා
නින්දේදි සනසාලා
හීන සාදනා
ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා
නිම්හිම් නැති සිත්තම්
හද ගෙත්තම් කරවා
නිල්වන් නෙතු යන්තම්
ළඟ දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ඔයා
නාවදාක හීන පාලු වී ගියා
ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා
සන්සුන් නැති සිත්නම්
මගේ ඉක්මන් වෙනවා
ළං ළං වෙනු ඇත්දැයි
යළි පෙම්බස් දොඩනා
නෑසු ගීත සීත රෑක ගී කියා
කෝල දෑස ලෝල වේවි මා පෙළා
ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා
චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා
ආදරේ දීලා
මල් වගේ සිනහා ගේනා
මුදු හාදු වෑහේනා
නින්දේදි සනසාලා
හීන සාදනා
ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා



Авторы: Raj Thillaiyampalam


Внимание! Не стесняйтесь оставлять отзывы.
//}