Rookantha Goonatillake - Mal Pibidena Eka (Rookantha Version) текст песни

Текст песни Mal Pibidena Eka (Rookantha Version) - Rookantha Goonatillake




මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බල උනිමි මම
ඇයි තව නාවෙ දයා
උදේ රැයින් සිසිල අරන්
මලින් මලට රොන් බඹරු ගියා
මගේ පැතුම් හදේ සිතුම්
එදා සුසුම් වී සිඳිල ගියා
හදෙහි දයාවිය, නොලද ශ්රියාවිය
ආදර ලොව අප බිදිලා ගියා
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා.
පෙරුම් පුරා මග බල උනිමි මම
ඇයි තව නාවෙ දයා
ඔබේ සිනා නෙතින් ගෙනා
මගෙ හදේ තුරුලට ගනිමි
මගේ ලොවේ සැදූ සුවේ
සසර වසන තුරු මම රකිමි
හදෙහි දයාවිය, නොලද ශ්රියාවිය
ආදර ලොව අප බිදිලා ගියා
මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බල උනිමි මම
ඇයි තව නාවෙ දයා
ඇයි තව නාවෙ දයා
ඇයි තව නාවෙ දයා
ඇයි තව නාවෙ දයා



Авторы: Clarence Wijewardena


Внимание! Не стесняйтесь оставлять отзывы.
//}