Sunil Edirisinghe - Handana Podi Putu текст песни

Текст песни Handana Podi Putu - Sunil Edirisinghe




හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්
ලිහා බත් මුල බුදින
මොහොතේ මිතුරු කැළ සමගින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්
අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්
ොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්.//



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.