Sunil Edirisinghe - Ada Ipadunu текст песни

Текст песни Ada Ipadunu - Sunil Edirisinghe




අද ඉපදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න
අද ඉපදුනු නවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න
උපන් බිලිදු නහවන්නට
රුවන් පිරිත පැන් වඩතී
සිරිමා බෝ පත් සෙලවී
මෙත් සිහිලෙන් සුවය දෙතී
දහසක් දෙව් බඹුන් නිතින
තුන් තිස් පැය තනි රකිතී.
සද හිරු දෙපසින් අවදිව
කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී
අද ඉපදුනු නවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න
සහසක් බුදු වදන් නිතර
නැලැවිලි ගීයෙන් ගැයෙතී
සිරිදලදා හිමි සරනින්
පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර
දහසක් කිරි මවුන් වෙතී
බාල බ්ලිදු පිලිගන්නට
සමන් දෙවිදු දෝත දෙතී
සමන් දෙවිදු දෝත දෙතී
අද ඉපදුනු නවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න
අද ඉපදුනු නවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න



Авторы: Rohana Weerasinghe


Внимание! Не стесняйтесь оставлять отзывы.