The Moonstones - Sumudu Saman Mal текст песни

Текст песни Sumudu Saman Mal - The Moonstones



සුමුදු සමන් මල් පොඩි පිපුණාවේ
සුදු වළාවන් පෙළින් පෙළ ගැසුනාවේ
ඇලේ නිල් දියේ පෙන පිපුණාවේ
රැයේ ඈත තරුකැට දිලුනාවේ
මගේ හදේ පාළුව මැකුනාවේ
මධුර ගීත සවනේ වැකුනාවේ
මිහිරි රූප දෙනෙතේ ගැටුනාවේ
හදේ කම්කටොළු දුක නිවුනාවේ
හදේ තියෙන දුක පොදි බැඳ දාලා
සිනාසී කඳුළු සැම පිසදාලා
විනෝදෙන් සුවෙන් සිත පුරවාලා
සදා සතුටුවෙමු සිත සනසාලා
හෙටක් ගැන සිතේ නෑ ලතැවෙන්නේ
අදයි ලැබෙන දේ සැම ලැබගන්නේ
ඔබයි මමයි නොවැ මේ ලොව ඉන්නේ
අදයි හෙටයි අතරේ පවතින්නේ
සුමුදු සමන් මල් පොඩි පිපුණාවේ
සුදු වළාවන් පෙළින් පෙළ ගැසුනාවේ
ඇලේ නිල් දියේ පෙන පිපුණාවේ
රැයේ ඈත තරුකැට දිලුනාවේ
මගේ හදේ පාළුව මැකුනාවේ
මධුර ගීත සවනේ වැකුනාවේ
මිහිරි රූප දෙනෙතේ ගැටුනාවේ
හදේ කම්කටොළු දුක නිවුනාවේ



Авторы: Clarence Wijewardena


The Moonstones - Sigiriya
Альбом Sigiriya
дата релиза
25-08-1969




Внимание! Не стесняйтесь оставлять отзывы.