Indrani Perera feat. The Moonstones - Sigiriya текст песни

Текст песни Sigiriya - Indrani Perera , The Moonstones



වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙරකළ සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
සිත පණ ගන්වන හදේ නිදන්වන
රූබර ළඳුනගේ මදහස පෙන්වන
සිත පණ ගන්වන හදේ නිදන්වන
රූබර ළඳුනගේ මදහස පෙන්වන
කලා වැවේ සුළඟින් ඇගේ ගත සලිත වෙලා
කලා රසික හෙළයන් සීගිරි අඟන නෙළා
සඳ වැනි මුව ඇති රූබර ළඳුනනි
කලා රසය ලොව හඬගා කියමිනි
සඳ වැනි මුව ඇති රූබර ළඳුනනි
කලා රසය ලොව හඬගා කියමිනි
දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා
කලා රසය හොබවා සිතුවම් පවතිනවා
වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙරකළ සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
බිතු සිතුවම් නෙළුවෝ



Авторы: Clarence Wijewardena


Indrani Perera feat. The Moonstones - Sigiriya
Альбом Sigiriya
дата релиза
25-08-1969



Внимание! Не стесняйтесь оставлять отзывы.