Текст песни




මල් පෙරහැර එන්නා සේ හිඳිමී
ඔබ හද පුරා ඇවිදින සුව විඳිමී
ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී
දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
යලි හිත හදා ගමී
සදහට පතා එමී
හඹා එමී
සදා ඔබම පතමී
ඕ, හෝ
නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
හෝ, හෝ, හෝ
සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
පෙරහැර මා හැර ගිය බව දුටිමී
ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
සැප නිමක් නැතී
තාමත් පමා නැතී
ඔබෙ සිත බදා ගමී
සදහට සිනා සෙමී
සිනා සෙමී
සදා ඔබම පතමී
ඕ, ඕ, ඕ, හෝ
නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි, හෝ
හෝ, හෝ, හෝ
ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී
පෙරහැර මා හැර ගිය බව දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
යළි හිත හදා ගමී
ඔබෙ සිත බදා ගමී
හඹා එමී
සදා ඔබම පතමී
හෝ, හෝ



Авторы: Sangeeth Wijesuriya



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка