Bathiya & Santhush - Adaraya Ayai Songtexte

Songtexte Adaraya Ayai - Bathiya & Santhush




හරි පරිස්සමින් රැකගත් රන් පියුමයි
පුත නුඹ සුරතින් කැඳවා ගෙනයන්නේ
ඇය දැවටී මා ළඟ තෙපුල් කියූ හැටී
අදටත් නෑ
අමතක වන්නේ
ආදරය ඇයයි
දූ මගේ පනයි
අද ඔබගේ සෙවණේ පුතුනේ
ජීවිතය ගලයි
කාලය ඉගිලෙයි
ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි
ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි
මට මතකයි ඉපදුණු දා
මා දෙස හෙළුවා සුරතල් සිනා
පුත හසරැල් පිරි මුව අද ඔබගෙයි
රැකගන් මාගේ පණයි
සුරතේ එල්ලී මෙදා ඔබේ
පියමැන යන යුවතී
මගේ ලෝකේ ආදරේ පිරූ
සුරතල් දඟකාරි
හසරැල් පිය සෙනෙහස මුමුණයි
අදටත් ලෙන්ගතුකම එහෙමයි
ආදරය ඇයයි
දූ මගේ පනයි
අද ඔබගේ සෙවණේ පුතුනේ
ජීවිතය ගලයි
කාලය ඉගිලෙයි
ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි
ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි
මට මතකයි එදා මිමිනූවා
මං ඇගේ ලෝකේ රජවූ හැටි පවසා
පුත කිරුළේ හිමිකම අද ඔබගෙයි
රැකගන් මාගේ පණයි
සුරතේ එල්ලී මෙදා ඔබේ
පියමැන යන යුවතී
මගේ ලෝකේ ආදරේ පිරූ
සුරතල් දඟකාරි
මා තුරුලේ නැළවුණු හැටි මතකයි
අදටත් ලෙන්ගතුකම එහෙමයි
ආදරය ඇයයි
දූ මගේ පනයි
අද ඔබගේ සෙවණේ පුතුනේ
ජීවිතය ගලයි
කාලය ඉගිලෙයි
ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි
ඔබේ කුලගෙයි මිණිපහන් දිලෙයි.



Autor(en): Bathiya Jayakody, Chrishan E, Nilar N Cassim



Attention! Feel free to leave feedback.