Bathiya & Santhush - Ayi Kale Adare Songtexte

Songtexte Ayi Kale Adare - Bathiya & Santhush




නෙත් නුඹේ හමුවූ තෙරේ
හිමි වේවිදෝ විමසූ වරේ
ආදරයක් දැනුනා
ඔබ මා අතරේ
කඳුලක් නොදී උදේ හවා
ඔපවත් කලේ ඔබමයි මෙමා
හද පතුලේ ඇරයුම්
මා වෙත එව්වා
කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ
ඇයි?
ඇයි කලේ ආදරේ?
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි?
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ
නිමක් නොවේ හැඟුමන් පිරේ
අපෙ ආදරේ වරින් වරේ
දිවි ඇති තෙක් නුඹමයි
මා හද ගැඹුරේ
දහසක් දෙනා නුඹගේ දිහා
බැලුවත් සදා මගෙමයි ඔයා
අද නුඹගේ දෙනුවන්
මා හට කීවා
කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ
ඇයි?
ඇයි කලේ ආදරේ?
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි?
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ
කියා දෙන්න නොහැඟේ
ඇයි?
ඇයි කලේ ආදරේ?
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි?
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ



Autor(en): Duminda Alahendra, Inoke Knox Kalounisiga


Attention! Feel free to leave feedback.