Kasun Kalhara - Eka Wasanthayaka Songtexte

Songtexte Eka Wasanthayaka - Kasun Kalhara




එක වසන්තයක
එක රාත්රියක
දැනුනා මතකයි
මට ඉබේම වාගේ
ඔබෙ සුවඳ
එක හුස්මක්වත්
ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක් මතකයි
හද ලුහුබැඳ ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඔබේ නොවෙද එනමුදු ඔබමද
ඔබමද සොඳුර
මේ වසන්තයේදී හමුවෙන සුළඟ සමඟ
සසැදී පෑහෙන්නට හිතයි මට
ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස
මගෙ සුසුමක්
තියන්නද
සිහිවනු පිණිස
සොඳුර
මේ වසන්තයෙම
ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට
පතමි මම
ඔබෙ සිතැඟි වලට
මුසු වනු පිණිස
මගෙ හැගුමක්
තියන්නද
ගිවිසනු පිණිස
සොඳුර
එක වසන්තයක
එක රාත්රියක
දැනුනා මතකයි
මට ඉබේම වාගේ
ඔබෙ සුවඳ
එක හුස්මක්වත්
ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක් මතකයි



Autor(en): Kelum Srimal, Suresh Maliyadde


Attention! Feel free to leave feedback.