Mervin Perera - Pabasara Ran Pabalu Songtexte

Songtexte Pabasara Ran Pabalu - Mervin Perera




පබසර රන් පබළු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
ගඟ බැස
සයුර බලා
හිරු හිනහේ
නෙලුම නෙලා
නෙත සිත හා
එකතු වෙලා
ඔබ දැකුමෙන්
උමතු වෙලා
පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
කළුවර රෑ
රළු අහසේ
තරු වැල හා
අඩ සඳ සේ
නොපිරුණු මේ
හිතට මගේ
ඔබ ගෙන එයි
සතුට අගේ
පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ



Autor(en): Mervin Perera, N, A, Premakeerthi De Alwis



Attention! Feel free to leave feedback.