Mervin Perera - Adare Ran Bigun Songtexte

Songtexte Adare Ran Bigun - Mervin Perera




ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ
ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිඟුව මුවන් නැසූ
ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිඟුව මුවන් නැසූ
රසය මුසුකර පණක් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසු
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
ලෙවන් කීවත් ලඳේ එසේ
සුපුන් සඳ ඔබ තමයි මගේ
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ



Autor(en): K. D. K Dharmawardena, Punyasiri Mahawaththa


Attention! Feel free to leave feedback.